2026, 2027 සහ 2028 වසරවල වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින සහ සීමාසහිත වෙළඳ දිනයන්
| නිවාඩු දින | 2026 | 2027 | 2028 |
|---|---|---|---|
| අළුත් අවුරුදු දිනය | ජනවාරි 1 බ්‍රහස්පතින්දා | ජනවාරි 1 සිකුරාදා | ජනවාරි 1 සෙනසුරාදා ජනවාරි 3 සඳුදා1 |
| ඕස්ට්‍රේලියානු දිනය | ජනවාරි 26 සඳුදා | ජනවාරි 26 අඟහරුවාදා | ජනවාරි 26 බදාදා |
| කම්කරු දිනය | මාර්තු 9 සඳුදා | මාර්තු 8 සඳුදා | මාර්තු 13 සඳුදා |
| මහ සිකුරාදා2 | අප්‍රේල් 3 සිකුරාදා | මාර්තු 26 සිකුරාදා | අප්‍රේල් 14 සිකුරාදා |
| පාස්කු ඉරිදාට පෙර සෙනසුරාදා | අප්‍රේල් 4 සෙනසුරාදා | මාර්තු 27 සෙනසුරාදා | අප්‍රේල් 15 සෙනසුරාදා |
| පාස්කු ඉරිදා | අප්‍රේල් 5 ඉරිදා | මාර්තු 28 ඉරිදා | අප්‍රේල් 16 ඉරිදා |
| පාස්කු සදුඳා | අප්‍රේල් 6 සඳුදා | මාර්තු 29 සඳුදා | අප්‍රේල් 17 සඳුදා |
| ඇන්සැක් දිනය2 | අප්‍රේල් 25 සෙනසුරාදා3 | අප්‍රේල් 25 ඉරිදා3 | අප්‍රේල් 25 අඟහරුවාදා |
| රජතුමාගේ උපන්දිනය | ජූනි 8 සඳුදා | ජූනි 14 සඳුදා | ජූනි 12 සඳුදා |
| AFL ග්රැන්ඩ් ෆයිනල් දිනයට පෙර සිකුරාදා | AFL දින නියම කිරීමට යටත් වේ4 | AFL දින නියම කිරීමට යටත් වේ4 | AFL දින නියම කිරීමට යටත් වේ4 |
| මෙල්බර්න් කප් දිනය5 | නොවැම්බර් 3 අඟහරුවාදා | නොවැම්බර් 2 අඟහරුවාදා | නොවැම්බර් 7 අඟහරුවාදා |
| නත්තල් දිනය2 | දෙසැම්බර් 25 සිකුරාදා | දෙසැම්බර් 25 සෙනසුරාදා දෙසැම්බර් 27 සඳුදා6 |
දෙසැම්බර් 25 සඳුදා |
| බොක්සිං දිනය | දෙසැම්බර් 26 සෙනසුරාදා දෙසැම්බර් 28 සඳුදා7 |
දෙසැම්බර් 26 ඉරිදා දෙසැම්බර් 28 අඟහරුවාදා8 |
දෙසැම්බර් 26 අඟහරුවාදා |
1 අලුත් අවුරුදු දිනය යෙදෙනුයේ සෙනසුරාදාවක බැවින්, නීති සම්පාදනය මගින් ඊළඟට එළඹෙන සඳුදා දින අමතර ප්‍රසිද්ධ දිනයක් ලබා දේ.
2 මහ සිකුරාදා, ඇන්සැක් දිනය සහ නත්තල් දිනය සීමාසහිත වෙළඳ දිනයන් වේ.*
3 ඇන්සැක් දිනය එය යෙදෙන දිනයේදී සමරනු ලැබේ. සති අන්තයක ඇන්සැක් දිනය යෙදෙන විට අමතර නිවාඩු දිනයක් ලබා නොදේ.
4 AFL ග්රැන්ඩ් ෆයිනල් සාමාන්‍යයෙන් යෙදෙන්නේ සැප්තැම්බර් මාසයේ අවසාන සිකුරාදා දිනය. 2027 සහ 2028 දිනයන් පළ කිරීමෙන් පසු නියමිත දිනයන් සමඟ මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කරනු ඇත.
5 මෙල්බර්න් කප් දිනය - මෙට්රෝ නොවන නගර සභා මගින් විකල්ප නිවාඩු දින ප්‍රකාශයට පත් නොකරන සෑම අවස්ථාවකම මෙල්බර්න් කප් දිනය වික්ටෝරියා ප්‍රාන්තය පුරාම රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වේ.
6 නත්තල් දිනය එළඹෙනුයේ සෙනසුරාදා දිනයක බැවින්, ඊළඟට එළඹෙන සඳුදා දිනයේදී අමතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලබා දේ.
7 බොක්සිං දිනය යෙදෙනුයේ සෙනසුරාදා දිනයක බැවින්, ඊළඟට එළඹෙන සඳුදා දිනයේදී අමතර ප්‍රසිද්ධ දිනයක් ලබා දේ.
8 බොක්සිං දිනය යෙදෙනුයේ ඉරිදා දිනයක බැවින්, ඊළඟට එළඹෙන අඟහරුවාදා දිනයේදී අමතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලබා දේ.
සැලකිය යුතුයි: සියළුම රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී නිවැරදි වේ. එහාට වෙනස්වීම් සිදුවිය හැක.
*සීමා කරන ලද වෙළඳ දින යනු මොනවාද?
වික්ටෝරියානු නීතිය අනුව වසරකට සීමාකරන ලද වෙළඳ දින දෙකහමාරක් ඇත:
- මහ සිකුරාදා
- නත්තල් දිනය
- ඇන්සැක් දිනයේදී පෙ.ව. 12.01 සහ ප.ව.1 අතර
මෙම දිනවල, නිදහස් කරන ලද සාප්පු පමණක් විවෘතව තැබීමට අවසර ඇත.
සීමා කරන ලද වෙළඳ දිනවලදී ඔබට විවෘත කළ හැකිද?
සමහර ව්‍යාපාර සීමාකරන ලද වෙළඳ දිනයන්ගෙන් නිදහස් කර ඇත, එනම් එම ව්‍යාපාර වසර පුරා ඔවුනට අවශ්‍ය ඕනෑම අවස්ථාවක විවෘතව තැබිය හැකිය. නිදහස් කර ඇති ව්‍යාපාර වනුයේ:
- ඔසුසල්
- ඉන්ධන පිරවුම් හල්
- ආපනශාලා
- අවන්හල්
- ටේක්අවේ අවන්හල් (Takeaway)
- සේවා සපයන්නන්
- කුලියට දෙන සාප්පු (වීඩියෝ සාප්පු ඇතුළු)
- නිදහස් කළ සාප්පු
නිදහස් කළ සාප්පු සාප්පු යනු පහත අවශ්‍යතා සපුරාලන ව්‍යාපාර වේ:
- ඕනෑම සීමාකරන ලද වෙළඳ දිනයක් තුළදී සාප්පුවේ 20ක් හෝ අඩු ගණනක් සේවයේ යොදවා ඇති සහ
- සීමාකරන ලද වෙළඳ දිනයට කලින් ආසන්න දින 7 ඇතුළත අදාල ව්‍යාපාරය සහ එයට සබඳකම් ඇති වෙනත් ව්‍යාපාර මගින් සේවයේ යොදවා ඇති සේවකයන්ගේ සංඛ්‍යාව 100ට වැඩි නොවීම.
වැඩිදුර විස්තර සඳහා, කරුණාකර legislation.vic.gov.au වෙබ් අඩවියෙන් 1996 සාප්පුවල වෙළඳ කටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ පනත කියවන්න.
ඇන්සැක් දිනයේදී සාප්පු ඔබ වැසිය යුතුද?
පහත ආකාරයේ ව්‍යාපාරවලට ඒවා අනෙකුත් සීමා කරනලද වෙළඳ දිනවලින් නිදහස් කර තිබුණත් නැතත් ඒවා ඇන්සැක් දිනයේදී (අප්‍රියෙල් 25) ප.ව. 1:00 ට පෙර ක්‍රියාත්මක නොවිය යුතුය:
- චිත්‍රපටි ශාලා (ගෘහස්ත හෝ එළිමහන්)
- වෙනත් විනෝදාස්වාද කටයුතු – නිදසුනක් ලෙස, සජීවී නැටුම් හෝ සංගීත ඉසව්, සංදර්ශන හෝ නාට්‍ය
- දේපළ වෙන්දේසි කිරීම
කර්මාන්තශාලා හෝ ගබඩා වන ව්‍යාපාර හෝ කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති ව්‍යාපාර, ඇන්සැක් දින පනතේ නියම කරන ලද උපමානයන්ට යටත්ව, ඇන්සැක් දිනය පුරාම වසා තැබිය යුතුය.
මධ්‍යම රාත්‍රිය වන තෙක් ව්‍යාපාර කටයුතු සිදු කිරීම සහ මත්පැන් සැපයීමේ සීමා
සීමා කරන ලද වෙළඳ දිනයන් තුළදී, මධ්‍යම රාත්‍රිය තෙක් ව්‍යාපාර කටයුතු සිදු කිරීම සහ මත්පැන් සැපයීම සම්බන්ධයෙන් අවන්හල්, ආපනශාලා, බීමහල්,සමාජ ශාලා, සහ බීම බෝතල් සාප්පු සඳහා වැඩිපුර සීමා පැනවීමට ඉඩ තිබේ.
වැඩි විස්තර සඳහා සූදු කෙළීම සහ මත්පැන් නියාමනය පිළිබඳ වික්ටෝරියානු කොමිසම බලන්න.