ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ 2023 සහ 2024 වසරවල රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින සහ සීමාසහිත වෙළඳ දිනයන්

නිවාඩු දින20232024

අළුත් අවුරුදු දිනය

ජනවාරි 1 ඉරිදා
ජනවාරි 2 සදුඳා

(අළුත් අවුරුදු දිනය ඉරිදාවක යෙදී ඇති බැවින්, මීළඟ සදු දින අමතර රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයකි)
ජනවාරි 1 සදුඳා
ඕස්ට්‍රේලියානු දිනය ජනවාරි 26 බ්‍රහස්පතින්දා ජනවාරි 26 සිකුරාදා
කම්කරු දිනය මාර්තු 13 සදුඳා මාර්තු 11 සඳුදා
මහ සිකුරාදා* අප්‍රියෙල් 7 සිකුරාදා මාර්තු 29 සිකුරාදා
පාස්කු ඉරිදාට පෙර සෙනසුරාදා අප්‍රියෙල් 8 සෙනසුරාදා මාර්තු 30 සෙනසුරාදා
පාස්කු ඉරිදා අප්‍රියෙල් 9 ඉරිදා මාර්තු 31 ඉරිදා
පාස්කු සදුඳා අප්‍රියෙල් 10 සදුඳා අප්‍රියෙල් 1 සඳුදා
ඇන්සැක් දිනය* අප්‍රියෙල් 25 අඟහරුවාදා අප්‍රියෙල් 25 බ්‍රහස්පතින්දා
රජතුමාගේ උපන්දිනය ජූනි 12 සදුඳා ජූනි 10 සඳුදා
AFL ග්රැන්ඩ් ෆයිනල් දිනයට පෙර සිකුරාදා සැප්තැම්බර් 29 සිකුරාදා AFL දින නියම කිරීමට යටත්වේ †
මෙල්බර්න් කප් දිනය^ නොවැම්බර් 7 අඟහරුවාදා නොවැම්බර් 5 අඟහරුවාදා
නත්තල් දිනය* දෙසැම්බර් 25 වන සදුඳා දෙසැම්බර් 25 බදාදා
බොක්සිං දිනය දෙසැම්බර් 26 වන අඟහරුවාදා දෙසැම්බර් 26 බ්‍රහස්පතින්දා

* මහ සිකුරාදා, ඇන්සැක් දිනය සහ නත්තල් දිනය සීමාසහිත වෙළඳ දිනයන් වේ.

†AFL ග්රැන්ඩ් ෆයිනල් සාමාන්‍යයෙන් යෙදෙන්නේ සැප්තැම්බර් මාසයේ අවසාන සිකුරාදා දිනය. 2023 සහ 2024 දිනයන් පළ කිරීමෙන් පසු නියමිත දිනයන් සමඟ මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කරනු ඇත.

^ මෙල්බර්න් කප් දිනය - මෙට්රෝ නොවන නගර සභා මගින් විකල්ප නිවාඩු දින ප්‍රකාශයට පත් නොකරන සෑම අවස්ථාවකම මෙල්බර්න් කප් දිනය වික්ටෝරියා ප්‍රාන්තය පුරාම රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක්වේ.

සැලකිය යුතුයිඃ සියළුම රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ නිවැරදි අතර වෙනස්වීමට ඉඩ ඇත.

* සීමාකරන ලද වෙළඳ දිනයන්

වික්ටෝරියානු නීතිය අනුව වසරකට සීමාකරන ලද වෙළඳ දින දෙකහමාරක් ඇත:

  • මහ සිකුරාදා
  • නත්තල් දිනය
  • ඇන්සැක් දිනයේදී පෙ.ව. 12.01 සහ ප.ව.1 අතර

මෙම දිනවල බැහැරකල සාප්පු පමණක් විවෘතව තැබීමට අවසර ඇත.

බැහැරකල සාප්පු යනු මොනවාද?

බැහැරකල සාප්පු යනු පහත අවශ්‍යතා සපුරාලන ව්‍යාපාරවේඃ

  • ඕනෑම සීමාකරන ලද වෙළඳ දිනයක් තුලදී සාප්පුවේ 20ක් හෝ අඩු ගණනක් සේවයේ යොදවා ඇති සහ
  • සීමාකරන ලද වෙළඳ දිනයට කලින් දින 7 ඇතුලත අදාල ව්‍යාපාරය සහ එයට සබඳකම් ඇති වෙනත් ව්‍යාපාර මගින් සේවයේ යොදවා ඇති සේවකයන්ගේ සංඛ්‍යාව 100ට වැඩි නොවීම.

සීමාකරන ලද වෙළඳ දිනයන්වලට ඇති බැහැර කිරීම්

සමහර ව්‍යාපාර සීමාකරන ලද වෙළඳ දිනයන්ගෙන් බැහැර කර ඇත. එම ව්‍යාපාර වසර පුරා ඔවුනට අවශ්‍ය ඕනෑම අවස්ථාවක විවෘතව තැබිය හැකිය. බැහැරකර ඇති ව්‍යාපාර ආකාරනම්:

  • ඔසුසල්
  • ඉන්ධන පිරවුම් හල්
  • අවන්හල්
  • කැෆේ
  • ටේක්අවේ අවන්හල් (Takeaway)
  • සේවා සපයන්නන්
  • කුලියට දෙන සාප්පු (වීඩියෝ සාප්පු ඇතුළු)

මධ්‍යම රාත්‍රිය වන තෙක් පවත්වා ගෙන යන වෙළඳ ආයතන සහ සීමා කරන ලද වෙළඳ දිනයන් තුල මත්පැන් සැපයීම

සීමා කරන ලද වෙළඳ දිනයන් තුල මත්පැන් සැපයීම සඳහා අවන්හල්, ආපනශාලා, බීමහල්,සමාජ ශාලා, සහ බීම හල් සඳහා අතිරේක තහනමක් පනවා ඇත. කරුණාකර වැඩි විස්තර සඳහා සූදු කෙලීම සහ මත්පැන් නීති රීති සඳහා වික්ටෝරියානු කොමිසමබලන්න.

ඇන්සැක් දින අමතර සීමා

ඉහත ප්‍රතිපදනවලට අමතරව, ඇන්සැක් දිනයේදී (අප්‍රියෙල් 25) පහත ආකාරයේ ව්‍යාපාර ප.ව. 1:00 ට පෙර ක්‍රියාත්මක නොවිය යුතුයඃ

  • චිත්‍රපටි (ගෘහස්ථ හෝ එළිමහන්)
  • සජීවී නැටුම් හෝ සංගීත ඉසව්, සංදර්ශන හෝ නාට්‍යය ඇතුළු වෙනත් විනෝදාස්වාදක කටයුතු (මේවාට පමණක් සීමා නොවේ.
  • දේපළ වෙන්දේසි කිරීම.

ඇන්සැක් දිනයේදී කර්මාන්ත ශාලා සහ ගබඩා

කර්මාන්තශාලා හෝ ගබඩා ඇති නිෂ්පාදන ක්‍රියාවලියක් ඇති ව්‍යාපාර, ඇන්සැක් දින පනතේ නියම කරන ලද උපමානයන්ට යටත්ව, ඇන්සැක් දිනය පුරාම වසා තැබිය යුතුය.

ඇන්සැක් දිනයේ විවෘතව තැබීම සහ ක්‍රියාත්මකවීම සම්බන්ධ වැඩි විස්තර සඳහා කරුණාකර ANZAC Day Act(ඇන්සැක් දින පනත) බලන්න.

ඔබගේ දින දර්ශනයේ භාවිතය සඳහා  Victorian public holidays dates (iCAL) (වික්ටෝරියානු ප්‍රාන්තයේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින) ඩවුන්ලෝඩ් කර ගන්න.