වැඩසටහන සම්බන්ධ දල විශ්ලේෂණය

මෙම වැඩසටහන මගින්, කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අභියෝගයන්ට මුහුණදෙන වික්ටෝරියානු වැසියන් හට කොරෝනා වයිරස් (COVID-19) මගින් ඇතිවන බලපෑමට මුහුණදීම සඳහා ඔවුනට අවශ්‍ය මානසික සෞඛ්‍යය උපකාර ලබාගත හැකිවේ.

මෙම වැඩසටහන යටතේ දැනට පවතින උපකාර වලට  ඇතුලත්:

  • සුභසාධන හවුල්කරුවන්ගේ විශේෂ දුරකථන අංක 1300 375 330 (සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 10 දක්වා සහ සති අන්තයේ පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා)
    ඔබ ඔබේ ව්‍යාපාරය ගැන කරදර වෙනවානම් ඔබේ සුභසාධනය වැඩිදියුණු කිරීමට එකිනෙකාට වෙන වෙනම උදව් සපයයි, එසේම ව්‍යාපාරික උපදේශකයින් සහ මූල්‍ය උපදේශකයින් නොමිලයේ සපයයි.
  • St John ගිලන් රථ මානසික සෞඛ්‍යය සහ අර්බූද උපකාර පුහුණුව

අමතර වැඩ සටහන් යථා කාලයේදී එළිදරව් කරන අතර විස්තර මෙම පිටුවෙහි සඳහන් කරනු ඇත.

අමතර වැඩ සටහන් යථා කාලයේදී එළිදරව් කරන අතර විස්තර මෙම පිටුවෙහි සඳහන් කරනු ඇත. මානසික සෞඛ්‍යය උපකාර සඳහාවු ක්‍ෂණික ප්‍රවේශය සඳහා (Mental health in business) වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

සුබසාධනයේ හවුල්කරුවන් යන හදිසි උපකාරක දුරකථන අංකය

සුබසාධනයේ හවුල්කරුවන් (Partners in Wellbeing) යන හදිසි උපකාරක දුරකථන අංකය (1300 375 330) විපතට පත් ව්‍යාපාර හිමියන්ද ඇතුලත්වන ආකාරයට දීර්ඝ කර ඇති අතර ව්‍යාපාර උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන් හට නොමිළේ ප්‍රවේශය ලබාගත හැකිය.

එය සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 10 සහ සති අන්තයේ පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දක්වා ක්‍රියාත්මකවේ. ඔබ ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් උත්සුකුව හෝ පීඩාවට පත්ව සිටී නම්, දුරකථන අංක 1300 375 330 ඔස්සේ සුබසාධනයේ හවුල්කරුවන් (Partners in Wellbeing) අමතන්න. ඉල්ලා සිටීම මත පරිවර්තන සේවා ලබාගත හැකිය.

St John ගිලන් රථ මානසික සෞඛ්‍යය සහ අර්බුද උපකාර පුහුණුව

මෙම වැඩසටහන දැන් අවසානවී ඇති අතර වැඩිදුර විස්තර අවශ්‍ය නම්, අප හා සම්බන්ධ වන්න.

St John ගිලන් රථ පිළිගත් මානසික සෞඛ්‍යය සහ අර්බුද උපකාර පුහුණුව එක කවුන්සිලයකින් එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට සහ චේම්බර් ඔෆ් කොමර්ස්, ව්‍යාපාර සංවිධාන හෝ ව්‍යාපාර ජාලවල තනතුරු දරණ වැදගත් සාමාජිකයන් හට ලබාදුණි.

පුහුණුව මගින් එයට සහභාගිවන අයට පහත දේ ලබාගැනීමට උපකාරවේඃ

  • පළාතේ ව්‍යාපාර ප්‍රජාව හට සුබසාධන හෝ මානසික සෞඛ්‍යය අභියෝගයන් ජයගැනීමට උපකාර කිරීම සඳහා අවශ්‍ය හැකියාව
  • සහභාගි වන්නන් ජාතික වශයෙන් පිළිගනු ලැබූ මානසික සෞඛ්‍යය මුල් ප්‍රතිචාර සම්බන්ධ සුදුසුකම් ඇති බවට සහතික කිරීම
  • කුඩා ව්‍යාපාර කරන අය සහ ප්‍රජාවේ වෙනත් සාමාජිකයන් හට ලබාගත හැකි සුබසාධනය සහ මානසික සෞඛ්‍යය උපකාර සම්බන්ධ දැනුවත්වීම.

වැඩිදුර උපකාර

සාමාජිකයන් හට ක්‍ෂණිකව විශේෂඥ උපදේශකයන්ට ප්‍රවේශ වීමට සහ  ආපදා තත්වයේ සිටින අය හදුනාගෙන ප්‍රතිචාර දැක්වීම සඳහා  කාර්ය මණ්ඩලයට වැඩ කරන අතර ලබාදෙන පුහුණුවට කර්මාන්ත සහ ව්‍යාපාර සංවිධාන තුලට මානසික සෞඛ්‍යය විශේෂඥයන් ඇතුලත් කරනු ඇත.

මෙම උපකාර සේවා 2022 තෙක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙයි, අවශ්‍යතාවය සහ අනාගත තත්වයන් මත වැඩිදුර සේවා ලබාදීමට කටයුතු කරනු ඇත.

මෙම අමතර සේවා සම්බන්ධ වැඩිදුර විස්තර යථා කාලයේදී ලබාදෙන අතර තොරතුරු මෙම පිටුවෙහි සඳහන් කරනු ඇත.

ඔබගේ භාෂාවෙන් Business Victoria සමඟ සම්බන්ධවීමට, දුරකථන අංක 13 14 50 ඔස්සේ  TIS National අමතා, Business Victoria හොට්ලයින් (13 22 15) ඉල්ලා සිටින්න.